brand logo

නායයෑම් වලින් ආරක්ෂාවීමට වෙනත් ස්ථානයක රඳවා සිටි 21කට කොරෝනා

14 June 2021

පසුගිය කාලයේ අයහපත් කාලගුණය නිසා පැවති නායයෑමේ අවදානම හේතුවෙන් අයගම දුම්බර දෙමළ විද්‍යලයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටි 21 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ. පවුල් 27ක සාමාජිකයින් 64 දෙනෙකුට සිදුකළ PCR පරීක්ෂණවලදී 21 දෙනෙකු ආසාදිත බව හඳුනා ගෙන ඇත. ඊයේ (13) දිනයේ එම ආසාදිතයින් හඳුනාගත් බව අයගම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි. ඉකුත් 4 වෙනිදා මතුවූ නායයෑම් අවදානම හේතුවෙන් දුම්බර ග්‍රාම නිලධාරී වසමේ නිවාස 70ක පමණ පිරිසක් දුම්බර සිංහල විද්‍යාලය වෙත පැමිණ ඇත. ඒ අතර නිරෝධායනය සඳහා යොමු වූ පිරිස් ද සිට ඇති අතර මෙලෙස මෙලෙස නිරෝධායනයට යොමුකළ පිරිස් දුම්බර දෙමළ විද්‍යලයට යොමු කර ඇත. එලෙස ආසාදිත වී ඇත්තේ වෙන් කළ පිරිසකටයි. දුම්බර දෙමළ විද්‍යලයේ සහ සිංහල විද්‍යාලයේ තාවකාලික නවාතැන් ගත් පිරිස අතර ඇටහැරියාගොඩ, දුම්බර රෝහල අසල ගල්වංගුව, නොම්බර 4 සහ 5යන ප්‍රදේශවල පිරිස් වෙයි.
 

More News..