brand logo

නායයෑමකින් පාසල් සිසුන් 14ක් මරුට

26 October 2018

හදිසි ජලගැලීම් හේතුවෙන් ජොර්දානයේ සංචාරක කලාපයකට දැඩි හානි සිදුව තිබේ. ගංවතුරින් පුද්ගලයින් 18දෙනෙක් ‍මේ වන විටත් මියගොස් ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට සහන සේවකයන් විශ්වාසය පල කළේය. ජොර්දානයේ මළ මුහුද සමීපයේ ඇති වූ හදිසි නායයාමකින් පාසල් සිසුන් ඇතුලු පුද්ගලයින් 18දෙනෙක් මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ නිවාඩු ගතකිරීම සඳහා මළ මුහුද සමීපයට ගොස් සිටි පිරිසක් බවටද වාර්තා වෙයි. මියගිය පිරිසෙන් 14දෙනෙක් පාසල් සිසුන් බවට විදෙස් මාධ්‍ය පැවසීය. දැඩි පරිශ්‍රමයකින් අනතුරුව පුද්ගලයන් 34දෙනෙක් මුදාගැනීමටද සහන සේවකයන් සමත්ව තිබුණි. මුදාගත් පිරිසෙන් බොහෝ දෙනාගේ තත්ත්වය බරපතළ බවද සඳහන් කළේය. මේ අතර පාසල් සිසුන් 37දෙනෙක් සහ ගුරුවරුන් හත්දෙනෙක් රැගත් බස් රථයක් ගංවතුරට හසුවී අසල තිබූ නිම්නයක් වෙත ගසාගෙන යාමේ පුවතක්ද වාර්තා වෙයි. පිරිස සාරා මයීන් උණුවතුර උල්පත් ඇති ප්‍රදේශ වෙත ගමන් කරමින් සිට ඇති බවත් සඳහන් කරයි. විපතට පත් පිරිස මුදාගැනීමේ දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ඊශ්‍රායලයේ සහය හිමිව තිබේ. ඒ වෙනුවෙන් පොලිසියට අයත් හෙලිකොප්ටර් යානා ද යොදවා ඇති අතර හමුදා සහ පොලිස් සාමාජිකයන් දහස් ගණනක් මුදාගැනීමේ මෙහෙයුම්වල නිරත වෙයි. අතුරැදන් වූ පිරිස් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින බවට සහන සේවකයන් අනතුරු අඟවා තිබේ.
 

More News..