brand logo

නායකයාගේ කකුලෙන් අදිමින් වෙන කෙනෙක් එක්ක දුවන්න මම සූදානම් නැහැ

14 August 2019

පක්ෂයේ නායකයාගේ කකුලෙන් අදිමින් වෙන කෙනෙක් එක්ක දුවන්න තමන් සූදානම් නැතැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (14) ප්‍රකාශ කළේය. කැළණියේ පැවැති ආගමික උත්සවයකට සහභාගිවීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මෙසේද කීය. ජනාධිපතිවරණයට තම මාස හතරක් තියෙනවා. අද වෙද්දි ජනාධිපතිවරයාගේ හැම කියව කියවා හිටියා කියලා ජනතාවගේ බඩ පිරෙන්නෙ නෑ. මීට කලින් පැවැත් වූ ජනාධිපතිවරණ දෙකේදී දවස් හතළිහකට කළින් තමයි අපේක්ෂකයන් තෝරාගෙන වැඩේට බැස්සේ. මේ පාරත් එහෙම කළොත් ප්‍රමාණවත් කියලා තමයි මම නම් හිතන්නේ. රටේ ජනතාව නොමග යවන අපේක්ෂකයෙක් ඉදිරිපත් වුනොත් අපට බැහැ හෘද සාක්ෂියට එකගව වේදිකාවට නැගලා කතා කරන්න. මගේ පක්ෂයේ නායකයෙක් ඉන්නවා. ඒ නායකයාට මම ගරු කරනවා. ඔහුත් සමග වැඩකරනවා. සජිත් ප්‍රේමදාස පක්ෂයේ නායකයා නම් ඔහුත් සමග වැඩ කරන්න සිද්ධ වෙනවා. නමුත් නායකයෙක් සිටියද්දි ඒ් නායකයාගේ කකුලෙන් ඇද ඇද වෙන කෙනෙක් එක්ක දුවන්න මට බැහැ. ජනාධිපති අපේක්ෂකයා තීරණය කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන්. මම මගේ පක්ෂයට සහාය දක්වනවා. එක්සත් ජාතික පක්ෂයට මම පක්ෂ ගැතියි එහාට මෙහාට පනින දේශපාලනට මම කැමති නෑ. එහෙම පනින්න ගියාම අසරණ වෙන්නේ ඡන්ද දායකයා... අජිත් අලහකෝන්
 

More News..