brand logo

නායකත්ව මණ්ඩලයක් නිසා එජාප නායක අර්බුදය තවත් දිග්ගැසේ

10 January 2020

නායකත්ව මණ්ඩලයක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම නිසා සජිත් පාර්ශ්වය සහ රනිල් පාර්ශ්වය අතර තවත් මත ගැටුමක් ඇති කරමින් එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ (9 වැනිදා) නිමාවට පත්ව ඇත. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ​ගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්විණි. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා කරු ජයසූරිය මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා සමන්විත නායකත්ව මණ්ඩලයක් පිහිටුවීමට යෝජනා වී ඇත. ඊට සජිත් පාර්ශ්වය විරෝධය පළකරමින් ප්‍රකාශ කර ඇත්තේ නායකත්වයද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදිය යුතු බවයි. කෙසේ වෙතත් දෙපාර්ශ්වය අතරමග මත ගැටුමක්ද සිදුවී තිබේ. නායකත්වය සම්බන්ධයෙන් එකඟතාවක් ඇති නොවූ අතර ලබන බ්‍රහස්පතින්දා මන්ත්‍රී කණ්ඩායම යළි රැස්වී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. අජිත් අලහකොන්
 

More News..