brand logo

නායකත්වයට හිමි බලතල ආදිය ගැන සංශෝධන හදන්නයි රනිල්ගෙනි උපදෙස්

16 December 2019

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට හිමිව ඇති බලතල වගකීම් සහ ධුර කාලය ආදිය සම්බන්ධයෙන් පක්ෂ ව්‍යවස්ථාවට ගෙන ආ යුතු යෝජනා සහ සංශෝධන වහාම සකස් කරන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (15 වැනිදා) පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ තිලක් මාරපනට උපදෙස් ලබා දී තිබේ. මෙම දැනුම් දීමට අනුව දැනට පවතින පක්ෂ ව්‍යවස්ථාවේ නායකත්වයට අදාළ පරිච්ඡේදවල සංශෝධනයක් ඉදිරියේදී සිදු කිරීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව නායකත්වයට පැවරී ත ිබෙන බලතල සහ වගකීම් කාලයට ගැළපෙන පරිදී සංශෝධනය කිරීම මෙහි අරමුණයි. මෙයට අමතරව පක්ෂ නායකත්වයේ බලතල සහ කාර්යභාරයේ විය යුතු වෙනස්කම් පිළිබඳව තරුණ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ යෝජනාද සැලකිල්ලට ගන්නා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් මාරපනට දැනුම් දී ඇත. උදයජීව ඒකනායක
 

More News..