brand logo

නාම යෝජනා භාරගැනීම අවසන් - චමල් හා වෙල්ගම නාමයෝජනා භාර නොදෙයි

07 October 2019

අද උදෑසන ආරම්භ වූ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීමේ කටයුතු මේ වනවිට අවසන් වී ඇත. රාජගිරියේ පිහිටි ජාතික මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී අද උදෑසන 9.00ට නාමයෝජනා භාර ගැනීම ආරම්භ විය. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නාම යෝජනා භාරදුන් අතර සජිත් ප්‍රේමදාස මහතා නාම යෝජනා භාරදෙනු ලැබුවේ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙසය. එමෙන්ම අමතරව ජාතික ජනබල ව්‍යාපාරයේ ජනපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ද , ජාතික ජනතා පක්ෂයෙන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ද ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදුන්හ අතර ජන සෙත පෙරමුණ නියෝජනය කරමින් බත්තරමුල්ලේ සීලරතන හිමි ජනාධිපතිවරණය සඳහා නාය යෝජනා භාර දෙනු ලැබිය. මේ අතර ඇප මුදල් තැන්පත් කළ පොදුජන සන්ධානය නියෝජනය කරමින් චමල් රාජපක්ෂ මහතාද, ස්වාදීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ කුමාර වෙල්ගම මහතා නාමයෝජනා භාරදීම සඳහා සහභාගී නොවිය.
 

More News..