brand logo

නාමල් මුදල් ඉපැයීමේ ජාවාරමක් ආරම්භ කර ඇති බව මනුෂ කියයි

28 February 2019

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දේශපාලන කටයුතු සඳහා යොදා ගනිමින් මුදල් ඉපැයීමේ ජාවාරමක් ආරම්භ කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි. කුවේට්හි සුරක්ෂා නිවාසයේ සිටින ශ්‍රමික කාන්තාවන් 34 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා ටිකට්පත් සූදානම් කර තිබියදී රාජපක්ෂ මන්ත්‍රීවරයා සේනානි නම් කාන්තාවකට මුදල් එකතු කරන ලෙස දන්වා ට්විටර් පණිවිඩයක් යවා තිබෙන බව මනුෂ නානායක්කාර මහතා සඳහන් කළ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නාමල් රාජපක්ෂ මහතා විදේශගත ශ්‍රමිකයන් නොමග යවා සිය අරමුණු ඉටුකර ගැනීමේ පහත් දේශපාලනයක නිතර වන බවය.
 

More News..