brand logo

නාමල් මඟුලට සූදානම් - නාවොත් ඉතිං එජාපෙ අය තමයි

09 September 2019

නාමල් රාජපක්ෂ පසුගිය සතියේ දින හතරක් තිස්සේ ‘දැවැන්ත මඟුලක්’ කෑමට සැරසෙන අතර ඊට සහභාගි වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවනු ඇති බවත් කියැවේ. කෙසේවෙතත් මෙම ‘දැවැන්ත මඟුලට’ මෙරට දේශපාලනයේ කලාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ අයත්, ඇමරිකාවේ එංගලන්තයේ ඉන්දියාවේ විදේශීය අමුත්තන් විශාල පිරිසකුත්, හම්බන්තොට වීරකැටිය ගමේ ගම්වැසියනුත් ආරාධනා ලැබ සිටින බව කියැවේ. ‘‘වෙඩින් එකට නාවොත් ඉතිං ඒ එ.ජා.පෙ. අය තමයි... නාමල් එක්ක තරහට නෙවෙයි... ඒ අයගේ පක්ෂෙ අවුල හින්දා... මේ දවස්වල කට්ටියට පාර්ලිමේන්තුවට එන්නත් බැරි තත්ත්වයක්නෙ තියෙන්නෙ... ’’ මංගල උත්සවයේ සංවිධාකයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමඟ පවසා තිබුණි. ‘‘ඔව් ඔව් ඒක නං ඇත්ත... මඟුලට ආවෙ නැතුවට නං මොකද... පක්ෂෙ අවුල හින්දා ආණ්ඩුවත් පෙරළගනීද දන්නෙ නෑ...’’ මන්ත්‍රීවරයා කීවේය. මෙම මන්ත්‍රීවරයා කියන කතාව සැබෑවකි. එ.ජා.ප.යේ අභ්‍යන්තර ආරවුලේ බලපෑම නිසා මේ වන විට ආණ්ඩුවේ කටයුතු මුළුමනින් ම අඩාළ වී ඇත. ඉකුත් බ්‍රහස්පතින්දා, විපක්ෂයෙන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා ආණ්ඩුවේ ඇමතිවරුන් කිසිවෙකුත් සභාවේ නොසිටියහ.
 

More News..