brand logo

නාමල්ට මංගල සීනු

25 June 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ පොදු ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමේ බලය මහින්දට පැවරුණේ ය. ඒ සියල්ලන්ගේ ම ඒකමතික තීරණයක් අනුව ය. මෙම රැස්වීමෙන් පසුව පැවති තේ පැන් සාදයේ දී එළඹෙන සැප්තැම්බර් 17 වැනිදාට යෙදී තිබෙන නාමල් රාජපක්ෂ ගේ ‘විවාහ මංගල්‍ය’ ගැන ද කතාබහ කෙරුණි. නාමල්ගේ මනාලිය ‘තිලක් වීරසිංහ’ නමැති හෝටල් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකුගේ දියණියක් බව එහිදී හෙළිදරව් විය. මංගල්‍යයට පාර කැපී ඇත්තේ’ දිගු කලක් තිස්සේ පවත්වාගෙන ගිය ‘ප්‍රේම සම්බන්ධතාවක්’ මත වන අතර මංගල්‍යයට දින නියම වී ඇත්තේ මනාලිය සම්බන්දයෙන් රාජපක්ෂ පවුලේ ‘ප්‍රසාදය’ හිමිවීමත් සමග ය.
 

More News..