brand logo

නාමල්ගේ මඟුල්ගෙදර : මෛත්‍රී එන්න කලින් රනිල් ගිහින්

22 September 2019

ගල්කිස්ස මහ හෝටලයේ පැවති නාමල්රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ‘දෙවැනි ගමන‘ ද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර එම උත්සවය පසුබිමෙහි ද රටේ පවත්නා දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් විවිධාකාරයේ කතාබහ සිද්ධවිය. ජනාධිපති අගමැති කථානායක ප්‍රමුඛ මැති ඇමතිවරුන් රැසක් ද, තානාපතිවරුන් ප්‍රමුඛ දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් ද ආරාධනා ලැබ සිටි මෙකී ‘දෙවැනි ගමනට‘ මුලින් ම ආවේ අගමැති රනිල් වික්‍රමසිංහ ය. ඒ වන විටත් මහින්ද, චමල්, ගෝඨාභය, බැසිල් ඇතුළු අය පවුලේ ඥාතීන් වශයෙන් එහි සිටි අතර ඔවුන් සියලු දෙනාගෙන් ම රනිල්ට ඉතා උණුසුම් පිළිගැනීමක් ද ලැබිණි. ආ වෙලේ සිට රනිල්ට එක්තරා ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දියෙකුගෙන් නම් ගැලවිල්ලක් නොවිණි. ඔහු රනිල් පසුපස යමින්, ඊට කළින් දවසේ, එනම් සඳුදා නෙළුම් කුලුන විවෘත කරමින් ජනාධිපති මෛත්‍රී කළ කතාව ගැන ම අසමින් සිටියේ ය. “මොකක්ද අගමැතිතුමා අර ජනාධිපතිතුමා ඊයේ කිව්ව කතාවේ තේරුම? මාධ්‍යවේදියා ඇසුවේ මෛත්‍රි නෙළුම් කුලුන විවෘත කිරීමේ උත්සවයේ දී කී කෝටි 200ක් අතුරුදන් වීමේ ගතාව ගැනය. “ඒකනේ පිස්සු කතාවක්නෙ කිව්වේ“ රනිල් කීවේ ය. “එතකොට එහෙම එකක් වෙලා නැද්ද? මාධ්‍යවේදියා යළි ඇසුවේය. “නෑනේ. එහෙම දෙයක් වෙලා නැහැ“ රනිල් උත්තර දුන්නේය. “ජනාධිපතිවරණයත් කිට්ටුවටම ඇවිත්. මොක දැන් වෙන්නේ...? මාධ්‍යවේදියා ඇසුවේ ය. “ඔයාලා ඉතින් මාධ්‍යවේදියොනෙ... ඔයාලට තියෙන ආරංචි මොනවද...?‘‘ රනිල් ඇසුවේය. “ආරංචි නම් තියෙනවා ඉතින්... දැන්ම අපේක්ෂකයා නම් නොකළොත් ලොකු අවුලක් වෙයි.... “ මාධ්‍යවේදියා කීවේය. “එහෙම නම් අපි හෙට අනිද්දම නම් කරමුකෝ...“ රනිල් සිනාසෙමින් කීවේ කරු දෙසද බලා ඉඟියක් පළ කරමිනි. මේ වන විට ජනාධිපති මෛත්‍රී ‘මග එන‘ බවට ආරංචියක් ලැබුණු අතර එකෙණෙහිම අගමැති රනිල් ‘ආපසු ගමන‘ සඳහා කලබල වූයේ, “ආපෝ මම නම් මූණවත් බලන්න කැමැති නැහැ...“ යි කියමිනි.
 

More News..