brand logo

නාඳුනන මළසිරුරු ශීතකරණ බදු අරන්

01 October 2020

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ ඇති ශීතකරණ 36න් 27කම හඳුනා නොගත් මළසිරුරු තැන්පත් කර තිබීම නිසා එහි මළසිරුරු තැන්පත් කිරීමට ඉඩ පහසුකම් නොමැති බව වාර්තා වෙයි. දැනට ඉතිරිව ඇති ශීතකරණ නවයෙන් දෙකක ශරීර කොටස් තැන්පත් කර ඇත. මෙම රෝහලට දෛනිකව මළසිරුරු අටක් පමණ ලැබෙන අතර ඒවා තැන්පත් කර තැබීමටද ගැටලු මතුව ඇත. මෙම මළසිරුරු රැගෙන යන ලෙස පොලිස් ස්ථාන මාර්ගයෙන් ඥාතීන් දැනුවත් කර තිබේ. ඇතැම් මළසිරුරු වසරකට ආසන්න කාලයක සිට මෙහි තැන්පත් කර තිබේ. හෝමාගම, පානදුර, පිළියන්දල, කොහුවල, ගල්කිස්ස, මිරිහාන, බොරලැස්ගමුව, මොරටුව, කහතුඩුව, මොරටුමුල්ල, මීගොඩ, වැල්ලවත්ත යන පොලිස් ස්ථානවලින් මෙම මළසිරුරු යොමුකර ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. ටී.ඇන්. සමරජීව -කොළඹ
 

More News..