brand logo

නානුඔය සිට නුවරඑළියට කේබල් කාර් ව්‍යාපෘතිය කඩිනම් කෙරේ

28 January 2021

නානුඔය සිට නුවරඑළිය දක්වා කේබල් කාර් ව්‍යාපෘතියට අදාළ ඉදිරි කටයුතු කමිනමින් සිදුකරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ඔහු සදහන් කළේ ඒ සදහා යුරෝ මිලියන 52ක ආයෝජනයක් සිදුකිරීමට නියමිත බවයි. නුවරඑළිය දිස්ත්‍රික් ජීවනෝපාය සංවර්ධන කමිටුවට පසුගියදා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ දිවයිනපුරා නව සංචාරක ස්ථාන 6059ක් හදුනාගෙන ඇති බවත්, ඉන් 318ක් නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් බවත්ය. මෙම සංචාරක ස්ථාන දෙස් විදෙස් සංචාරකයින් අතර ප්‍රචලිත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන අතර, නුවරඑළිය කේන්ද්‍ර කරගත් සංචාරක කලාපයක් බවට පත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් පැවසීය.
 

More News..