brand logo

නාටාමිලාගේ මුඛ ආවරණයට පොලිස් ලොක්කෝ විදලා

30 June 2020

කොළඹ පිටකොටුව නාටාමිවරුන්ට නොමිලයේ බෙදාදීමට ලැබුණු මුඛ ආවරණ, අත් මේස් හා සෞඛ්‍යාරක්ෂිත කබා තොගයක් ඉහළම පොලිස් නිලධාරියකු ගෙන ගිය පුවතක් කොළඹ දිසාවෙන් වාර්තා වේ. මෙම මුඛ ආවරණ ඇතුළු භාණ්ඩ තොගය පිටකොටුව වෙළෙඳ සංගමයට පරිත්‍යාග කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා වරාය අධිකාරිය විසිනි. ඒ පරිත්‍යාග කළ දිනයේම දේශපාලනයට නෑකමක් දරන මේ පොලිස් නිලධාරියා එම භාණ්ඩ ඇතුළත් පෙට්ටි විසිපහෙන් පහළොවක්ම රැගෙන ගොස් තිබේ. ඉතිරි පෙට්ටි දහයද වෙළෙඳ සංගමයට සම්බන්ධ අයෙකු විසින් මුදලට අලෙවිකර තිබේ. මේ අතර මුඛ ආවරණ ඇතුළු භාණ්ඩ රැගෙන ගිය පොලිස් ලොක්කා පැමිණ තමන් නොමිලයේ බෙදන ආකාරයට ඉන් ද්‍රව්‍ය ප්‍රමාණයක් නාටාමිවරුන්ට බෙදා ඇති අතර ඉතිරි ප්‍රමාණය විවෘත වෙළෙඳපොළේ මුදලට අලෙවි කර ඇතැයි දැනගන්නට තිබේ.
මේ ගැන විමසූ විට නාටාමිවරුන් කියන්නේ නඩුත් බන්දුගේ නම් බඩුත් බන්දුගේ නම් ඒ ගැන කාට කියන්නදැයි කියාය.
 

More News..