brand logo

නාගරික මන්ත්‍රීවරයෙක් කොවිඩ් වෛරසයෙන් මියයයි

15 February 2021

කොවිඩ්-19 වෛරසය ආසාදිතව හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී ධනසේන මාදූවගේ මහතා මිය ගිය බව අම්බලන්ගොඩ ‌සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි. අම්බලන්ගොඩ පොල්වත්තේ පදිංචිකරුවෙකු වූ ධනසේන මාදූවගේ මහතා මිය යන විට 68 හැවිරිදි වියේ පසුවිය. කොවිඩ් ආසාදිතව මිය ගිය දකුණේ පළමු නාගරික මන්ත්‍රීවරයා වන්නේද ධනසිරි මාදූවගේ මහතා බවත් අම්බලන්ගොඩින් වාර්ථාවූ පළමු කොවිඩ් මරණය මෙය බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. මාදූවගේ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයෙකි.
 

More News..