brand logo

නාගරික මන්ත්‍රීවරයෙක්ට කොවිඩ්

11 November 2020

ගම්පහ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වී ඇති බව වාර්තා වේ. ඔහුට රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කර ඇති අතර එම පරීක්ෂණ වාර්තා අනුව ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඔහු ඇසුරු කොට ඇති සමීපතමයින් සෙවීමට පියවර ගෙන ඇති බවත් මේ වනවිට ආශ්‍රිතයින් 75 දෙනෙකු පමණ ගම්පහ , විශාඛා පාර ආශ්‍රිතව හදුනාගෙන ඇති බවත් අනෙකුත් පුද්ගලයින් හදුනාගැනීමට කටයුතු කරන බවත් ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා සදහන් කරයි. ඔහු ප්‍රතිකාර පිණිස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
 

More News..