brand logo

නාකොටික් නිලධාරීන් යළිත් රිමාන්ඩ්

22 September 2020

  හෙරොයින් මත්කුඩු තොග ජාවාරම් කළේ යැයි සැකපිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම කාර්යාංශයේ නිලධාරින් 13 දෙනා තවදුරටත් ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද දින (22) නියෝග කර ඇත. මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ දී අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා ගෙන සිටින සැකකරුවන් 13 දෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ද විමර්ශනයක් සිදුකෙරෙන බවත් ඒ යටතේ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන සැකකාර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 11 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය වී තිබෙන බවත් දන්වා සිටියේ ය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමකට එම සැකකරුවන් රඳවා සිටින අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අවසර දෙන ලෙස එම බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. එම ඉල්ලීමට අවසර දුන් මහෙස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර දෙන ලෙස අදාළ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර ඇත.
 

More News..