brand logo

නාකොටික් අයි පී අල්ලන්න පොලිසිය මහජන සහය පතයි

07 July 2020

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය තුළ සිදුවන විමර්ශනයකට අදාළ සැකකරුවෙක් වන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ සිදු වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. මෙම පොලිස් පරීක්ෂකවරයා, වෙහෙරවත්ත කංකානමලාගේ සමන් වසන්ත කුමාර නැමති අංක 189, කිරිකත්ත , වැලිවේරිය යන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 49 ක පුද්ගලයෙකි. සැකකරුගේ ඡායාරූපය පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ප්‍රසිද්ධ කර ඇත.
 

More News..