brand logo

නව හැවිරිදි දැරියට අතවර කළ පියා අත්අඩංගුවට

20 May 2019

මොණරාගල මැදගම පොලිස් බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු නවයක දැරියක් වසර තුනක් තිස්සේ දූෂණය කල පාපතර පියෙකු මැදගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැරියගේ මව පොලිසියට සිදු කල පැමිණිල්ලකට අනුව මැදගම පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු තිස් අට හැවිරිදි අයෙක් බව මැදගම පොලිසිය කියයි.මෙම පුද්ගලයා විසින් ඔහුගේ ජංගම දුරකථනයේ තිබු අසභ්‍ය දර්ශන තම දියණියට පෙන්වා දෙදහස් දාහත වසරේ මුලින්ම දැරිය දූෂණය කර ඇති අතර පසුව අවස්ථා ගනනාවකදී දැරිය විටින් විට දූෂණය කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මැදගම පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි. ජයන්ත වීරසේකර
 

More News..