brand logo

නව සන්ධානයක් ගොඩනැගීමට ජනපති සහ විපක්ෂනායක මුණගැස්වීමට යෝජනාවක්

23 July 2019

හෙට (24) දිනයේ රැස්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඇති කර ගැනීමට අපේක්ෂා කරන නව සන්ධානය සම්බන්ධයෙන් වැදගත් තීරණ කිහිපයකට එළඹීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ අවසන් එකඟතාවන් සඳහා ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ජා වටයක් පැවැත්වීමටද එහිදී යෝජනා කරන බවයි. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද වැදගත් කරුණු කිහිපයක් පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බව දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..