brand logo

නව සන්ධානයක් ගසා අපේම කියා ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා - මහින්ද

08 August 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව සන්ධානයක් ගසා අපේම කියා ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා යැයි එජනිස සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර පවසයි. එජනිස සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර කී‍වේ අද (08) ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කොළඹ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දීය. අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ සම්මේලනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් එක්වන්නේ නෑ. සහභාගිවන්ට අදහස් කරන්නේ නෑ. සමහර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු එයට සම්බන්ධ වෙන බව ආරංචියි.එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළ වන්නේ නෑ. එස්. බී ඩිලාන් ගියාට එයට අපට අදාළ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දුම්න්ද දිසානායක අපි තමයි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කරන තීරක බලය ඇති ජනාධිපතිවරයා තොරා ඉදිරිපත් කරන්නේ වෙන වෙන අය නොවෙයි අපියි.ඒ මතය අනුවයි සන්ධානගත වන වෙනත් පක්ෂ සමඟ අප ඒ අය සමඟ සන්ධානගත වන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කරන්නට පගා දමන්ට වළ වල්ලට දමන්ට කිසිවෙකුට ඉඩ තියන්නේ නෑ.ජනාධිපතිවරණයට එහාගිය රට දිනවන රට සංවර්ධනය කරන ගමනක් ඇතිවයි අපි මේවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ.රට දිනවන රට නව දිසාන්තකයට ගමන් කළ හැකි ජනාධිපති අපේක්ෂකයෙක් හා පොදු ප්‍රතිපත්තියක්ද මෙහි දී අප ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා.
 

More News..