brand logo

නව වසර සැමරූ 111ක් හදිසි අනතුරු වලින් රෝහලේ

01 January 2021

    නව වසර උදාවත් සමග ඊයේ (31) දින රාත්‍රියේ සිට අද (01) පෙරවරුව දක්වා විවිධ අනතුරු වලින් තුවාල ලැබූ පුද්ගලයන් 111 දෙනෙක් රෝහල් ගතකර තිබේ. මේ බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. අනතුරට පත්වූවන් ගෙන් 56 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවද පැවසේ. මේ අනුව ගිනිකෙළි අනතුරු වලින් 03 දෙනෙකු,මාර්ග අනතුරු වලින් 24 දෙනෙකු,නිවසේ අනතුරු වලින් 11 දෙනෙකු , සේවාස්ථාන අනතුරුවලින් 9 දෙනෙකු,පහරදීම් ඇතුලූ හිංසන කි‍්‍රයාවලින් 21 දෙනෙකු,ඉහළින් වැටීමෙන් සහ ලිස්සා වැටීමෙන් 33 දෙනෙකු, වෙනත් අනතුරු වලින් 10 දෙනකු වශයෙන් රෝහල් තුලට ඇතුලත් කරගෙන ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. කෙසේ වෙතත් පසුගිය 2020 වසර ආරම්භයේ දී සිදුව ඇති අනතුරු ප්‍රමාණය හා සැසඳීමේදී මෙවර එම අනතුරුවල 50%ක අඩුවීමක් තිබෙන බවද පැවසේ.
 

More News..