brand logo

නව වසරේ ඉන්දියාවෙන් ඕස්ට්‍රේලියාවට ලොකු අභියෝගයක්

04 January 2019

ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඉන්දියාව විසින් පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 622ක් ලබාගත්තා. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඊයේ දින සිට මීට ටික වේලාවක් දක්වා පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් කඩුළු 7ක් දැවී ලකුණු 622ක් ලබාගෙන සිටියදී පන්දුවට පහරදීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළා. ඉන්දීය ඉනිම වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ චීතීශ්වර් පූජාරා ලකුණු 193ක් ලබාගැනීමට සමත් වුණා. ඊට හතරේ පහර 22ක් ද ඇතුළත් වනවා. මීට අමතරව රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 159ක් ලබාගත්තා. ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 15ක් ද ඇතුළත් වනවා.
 

More News..