brand logo

නව වගකීම මම ජනාධිපතිතුමා වෙනුවෙන් භාර ගන්නවා

04 January 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පත් කර තිබෙනවා. ඊයේ (03) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙන්නේ. එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙලෙස අදහස් දක්වා සිටියා... "ජනාධිපතිතුමාට මම ස්තූතිවන්ත වෙනවා මං ගැන විශ්වාසය තැබීම ගැන. ඒ වගේම මධ්‍යම කාරක සභාව ඒ විශ්වාසය මා කෙරෙහි තැබීම පිළිබදව. නිවැරදි ලෙස මේ පක්ෂය ඉස්සරහට ගෙනියන්න පුළුවන්. දැවැන්ත දේශපාලන පක්ෂයක්. ඒ නිසා අපිට පුළුවන් ඒ ශක්තිය ඉස්සරහට අරන් යන්න. මං මේ පක්ෂයේ තරුණ සම්මේලනයේ ඉදලා දේශපාලනය පටන් ගත්තු කෙනෙක්. තරුණ සම්මේලනයේ ලේකම්වරයා විදිහට 1998 වසරේ කටයුතු කළා. යම් යම් ප්‍රශ්න මත මං පක්ෂයෙන් ඉවත් වුණා. නමුත් නැවත අමාරු වෙලාවක පක්ෂයත් එක්ක එකතුවෙලා මේ වැඩකටයුතු ටික කරනවා. මේ වගකීම ජනාධිපතිතුමා වෙනුවෙන් පක්ෂයේ සියලුම සාමාජිකයින් වෙනුවෙනුත් ‌ගෙ$රවයෙන් මම භාරගන්නවා. "
 

More News..