brand logo

නව රාජ්‍ය තාන්ත්‍රිකයින් 8කට අනුමැතිය

25 September 2020

නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 8 දෙනෙකු පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අද පස්වරුවේ අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, 01.සී. ඒ චන්ද්‍රප්‍රේම මහතා – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත 02.මිලින්ද මොරගොඩ මහතා – ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් 03.රවිනාථ ආරියසිංහ මහතා – අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති 04.එස්.අමරසේකර මහතා – දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් 05.විශ්‍රාමික අද්මිරාල් කේ.කේ.වී.පී හරිස්චන්ද්‍ර සිල්වා මහතා – ඇෆ්ගනිස්ථාන තානාපති 06.විශ්‍රාමාල් සංජිව් ගුණසේකර මහතා – ජපානයේ ශ්‍රී ලංකා තානාපති 07.මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය – ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනි 08.ආචාර්ය පාලිත කොහොන මහතා – චීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙසත් පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දී තිබේ.
 

More News..