brand logo

නව පෙරමුණේ සලකුණ විය යුත්තේ හදවත - දිගම්බරම් කියයි

12 February 2020

එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් එක් කරගනිමින් ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ගොඩනැගිමට යන නව පෙරමුණේ සලකුණ විය යුත්තේ හදවත සලකුණ බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම හිටපු අමාත්‍යය පලනි දිගම්බරම් මහතා පැවසිය. පලනි දිගම්බරම් මහතා එ බැව් කියා සිටියේ හැටන් මේෆිල්ඩ් වතුයායට පිවිසෙන මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමෙන් අනතුරුව එම මාර්ගය ජනතා අයිතියට අද (12) පත් කිරිමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි. මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය මිට ප්‍රථම ඇති කරගත් පෙරමුණ වලදි හංසයා සලකුණටත් , අලියා සලකුණටත් ජන්දය ලබා දිමට මේ රටේ පාක්ෂිකයන් කටයුතු කල බවය. ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ගොඩනැගිමට අපෙක්ෂා කරන නව පෙරමුණේ සලකුණ විය යුත්තේ හදවත බව දමිල ප්‍රගිතිශිලි සන්ධානය එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට දැනුම් දි ඇති බවද පලනි දිගම්බරම් මහතා පැවසිය. වතු කම්කරුවන්ට මුලික වැටුප වශයෙන් රු දහසක් ලබා දිමට රජය කටයුතු කරන්නේ නම් එය ප්‍රසංසා කරන බවත්, අමතර නෙලන තේ දළු , සේවයට පැමිණෙන දින ගණන අනුව වැටුප් ගෙවිම , සේවක අර්ථ සාධක අරමුදල් සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල සමග රු දහසක් ලබා දෙන්නේ නම් එයට තමන් විරුද්ධ වන බවයි පලනි දිගම්බරම් මන්ත්‍රිවරයා කියා සිටියේ.   සිතාර ඉරාෂ්
 

More News..