brand logo

නව පුනුරුත්ථාපන මධ්‍යස්ථානයට රු.මිලියන 5ක පරිත්‍යාගයක්

20 August 2020

අත්තනගල්ල රජමහා විහාරයේ විහාරාධිපති පන්නිල ආනන්ද හිමියන් විසින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය කිරීම සඳහා දැනට ඉදිවෙමින් පවතින නව ගොඩනැඟිල්ල වන " නව දිගන්තය" හි ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සඳහා රුපියල් මිලියන පහක පරිත්‍යාගයක් සිදු කර ඇත. ආනන්ද හිමියන් විසින් මෙම චෙක්පත ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල්(විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා වෙත අද(20)දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී භාර දී ඇත. රටේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කරමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ නිදුරේදීම නිම කිරීමට නියමිත මෙම නවීන අංග සම්පූර්ණ පුනුරුත්ථාපන මධ්‍යස්ථානය මත්ද්‍රව‍ය වලට ඇබ්බැහිවූවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් පුනුරුත්ථාපනය කිරීමට හැකියාවක් ඇති බවයි. ඔවුන් පුළුල් පුනුරුත්ථාපන ක්‍රියාවලියකට භාජනය වී සමාජ ගත කරනු ලබන බව ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම වටිනා කටයුත්ත සඳහා ආනන්ද හිමියන් ගත් කාලෝචිත තීරණය අගය කළ ආරක්ෂක ලේකම්වරයා සියලු දානපතියන්ගෙන් ඉල්ලා සිටියේ මෙම ව්‍යාපෘතිය සමඟ අත්වැල් බැදගන්නා ලෙසයි.
 

More News..