brand logo

නව පරිපූරක ඇස්තමේන්තුවක් සතියේ දී පාර්ලිමේන්තුවට

30 January 2020

රජයේ වියදම් වෙනුවෙන් අවශ්‍ය මුදල් වෙන්කර ගැනීම සඳහා නව පරිපූරක ඇස්තමේන්තුවක් සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (30) පැවසීය. අමාත්‍යවරයා සදහන් කළේ පසුගිය රජය රජය විසින් කොන්ත්‍රාත්කරුවන්ට හා සැපයුම්කරුවන්ට ලබාදිය යුතු රුපියල් කෝටි 13,000 ක් ගෙවන්නට සිදුවීම ඇතුළු රජයේ වියදම් සඳහා දැනට පවතින පරිපූරක ඇස්තමේන්තුවෙන් වෙන්කර ඇති මුදල් ප්‍රමාණවත් නොවන නිසා මෙම තීරණය ගෙන ඇති බවයි. අගමැති මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කර පසුව මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි ඇමැතිවරයා සදහන් කළේය. දැනට ලබාගත හැකි ණය සීමාව ද මෙහිදී වෙනස් කරන්නට සිදුවන බව ඇමැතිවරයා පැවසීය. බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 

More News..