brand logo

නව පක්ෂයක් හැදුවොත් ඒ ආණ්ඩුවේ ගොට්ටෝ - ආශු මාරසිංහ

14 January 2020

පක්ෂයේ කවරෙකු හෝ නව පක්ෂයක් නිර්මාණය කිරීමට සැලසුම් කරන්නේ නම් ඔවුන් ආණ්ඩුවෙන් මුදල් ලබාගන්නා කුමන්ත්‍රණකරුවන් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ පැවසීය. එජාප මූලස්ථානයේදී ඊයේ (13 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ‘අරුණ’ විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ‘අරුණ’ මෙහිදී විමසා සිටියේ පක්ෂයේ නායකත්වය පිළිබඳ අර්බුදය ඉක්මනින් අවසන් කරන බව පැවසුවද, ඇතැම් එජාප මන්ත්‍රීවරු නව පක්ෂයක් නිර්මාණය කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ගැටලු සහගත නොවන්නේදැයි කියාය. ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පක්ෂයේ නායකත්වය පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැති බවයි. පසුගිය ජනාධිපතිවරණයට කලින් පැවති පක්ෂයේ මහා සම්මේලනයේදී අපි පක්ෂ නායකත්වය තහවුරු කරගත්තා. මැතිවරණ පරාජයෙන් පස්සේ දැන් නායකත්වය වෙනස් කරන්න ඕනේ කියලා අපි හිතන්නේ නැහැ. මෙතන සංවාදයක් තියන්න ඕන. හැබැයි පක්ෂය තුළ එහෙම සංවාදයක් තියෙද්දී සමහර මන්ත්‍රීවරු ප්‍රසිද්ධියේ තැන තැන නායකත්වයේ වෙනසක් විය යුතුයි, සජිත් ප්‍රේමදාස මහත්තයා නායකයා නොකළොත් වෙනම පක්ෂයක් හදනවා කියල කිය කිය යනවනම් ඔවුන් කරන්නේ කුමන්ත්‍රණයක්. මේක ආණ්ඩුවෙ කුමන්ත්‍රණයක්. ඔවුන් ආණ්ඩුවෙන් මුදල් දෙනව ඇති. මොකද ආණ්ඩුවට තමයි මේ වෙලාවෙ එක්සත් ජාතික පක්ෂය දෙකඩ කරන්න අවශ්‍ය. හැබැයි එහෙම පක්ෂය කඩාගෙන ගියත් නව පක්ෂ හදපු දේවල්වලට පූර්වාදර්ශ අපිට අතීතයේ තියෙනවා. ඔවුන්ට අතීතයේ මොකද වුණේ කියල අපි දන්නවා. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තය අවිස්සාවේල්ලේ පැවැති ස්තුති කිරීමේ රැස්වීමේදී කියල තිබුණා තනතුරු වෙනුවෙන් පක්ෂය බෙදන්න ඔහු කටයුතු කරන්නේ නැහැ කියලා. නයන තරංග ගමගේ
 

More News..