brand logo

නව නිවාස 105 ක් වතු කම්කරු අයිතියට පත් කෙරේ

10 January 2019

වත්මන් රජය මගින් වතු කම්කරුවන් වෙනුවෙන් ඉදි වු නව නිවාස 105 ක් වතු කම්කරුවන් අයිතියට පත් කිරිම කදුරට නව ගම්මාන වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් මහතා අතින් අද (10) සිදු කෙරිණ. දිඹුල පොලිස් වසමට අයත් මවුන්වනන් වතුයායේ ඉදි වු නිවාස 50 ක් සහ එම පොලිස් වසමටම අයත් බෝගහවත්ත ප්‍රදේශයේ ඉදි වු නිවාස 55 කුයි මෙසේ වතු කම්කරු අයිතියට පත් කෙරුණේ. හරිත ගම්මාන ව්‍යාපෘතිය යටතේ ඉදි කල මෙම එක් නිවසක් පර්චස් 7 ක ඉඩමක ඉදිකර ඇති අතර එහි විසිත්ත කාමරයක් , නිදන කාමර දෙකක් ,මුළුතැන් ගෙයක් , සනිපාරක්ෂක පද්ධතියක් ,සැම නිවසකටම විදුලිය ,පානිය ජලය, සහ මං මාවත් ද ඇතුලත් මෙම එක් නිවාසයක් සදහා එම අමාත්‍යංශය මගින් රුපියල් ලක්ෂ 10ක් ප්‍රතිපාදන වැය කර ඇත.මෙම එක් නිවසක් සදහා රජය මගින් හිමිකම් ඔප්පුවක්ද ඉදිරියේදි ලබාදිමට නියමිතයි. හරිත ගම්මාන ව්‍යාපාතිය යටතේ ඉදිකල මෙම එක් නිවසක වර්ග අඩි 750 කින් සමන්විත මෙම එක් නිවාසයක සියළුම පහසුකම් වලින් ද සමන්විත වෙයි. අමාත්‍ය පලනි දිගම්බරම් මහතාගේ උපන් දිනයද අදයට යෙදි තිබුණි. වත්මන් රජය මගින් වතු කම්කරුවන් වෙනුවෙන් ඉදි කරමින් පවතින වතු නිවාස පනස් දහසක් මේ වන විට නුවරඑලිය, බදුල්ල,රත්නපුර , කැගල්ල , මහනුවර , ගාල්ල, කළුතර යන දිස්‍රත්‍රික්ක වල ඉදි කරමින් පවති. එම නිවාස කඩිනමින් ඉදි කර වතු කම්කරු අයිතියට වත්මන් රජය යටතේ පත් කරන බවයි මෙම නිවාස වතු කම්කරු අයිතියට පත් කිරිමෙන් අනතුරුව පැවති ජනහමුවේදි අමාත්‍යවරයා කියා සිටියේ. හැටන් රංජිත් රාජපක්ෂ
 

More News..