brand logo

නව නාවික හමුදාපති අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

04 January 2019

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඊයේ (03) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. එහිදී අග්‍රාමාත්‍යතුමා වෙත නාවික හමුදාපතිතුමන් විසින් සමරු තිළිණයක් ද පිරිනමන ලද අතර එම අවස්ථාවට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍යතුමාගේ ආරක්ෂක උපදේශක විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමිත් බාලසුරිය යන මහත්වරුද සහභාගි වූහ. ජායාරුප - සමන් අබේසිරිවර්ධන
 

More News..