brand logo

නව තාක්ෂණයෙන් රාජකාරියට නම්‍යශිලී වේලාවක්

12 January 2021

රාජකාරී කටයුතු සම්බන්ධයෙන් නම්‍යශීලි වේලාවන් හඳුන්වා දීම කෙරෙහි මේ වන විට රජයේ අවධානය යොමුව ඇති බව අද (12) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය. ඒ අනුව සතියට පැය 40ක් රාජකාරී කටයුතු සිදු කළ යුතුය . එයට අනුව සමහර දින වලදි වේලාසන යා හැකි අතර සමහර දිනවලදී පරක්කු වී යා හැකි අතර අවශ්‍යවන්නේ පැය 40 සම්පූර්ණ කිරීම බව කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය හැමෝම එකම වේලාවක වැඩ ආරම්භ කරලා වැඩ අවසන් කිරීම වෙනුවට නව තාක්ෂණයක් භාවිත කරමින් නම්‍යශීලි රාජකාරී වේලාවන් සිදුකිරීම පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමුවෙලා තිබේ යන්න එහිදී කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය
 

More News..