brand logo

නව ජනපති දේශපාලනයට පමණක් සීමා වූ යුගය අවසන් කළා

15 January 2020

ශ්‍රි ලංකා දේශපාලනය පිළිබ දව කතාකරන විට අද පවතින තත්වය ශ්‍රි ලංකාවේ බහුතර ජනතාවක් අපේක්ෂා කරන මට්ටමට පැමිණ ඇති බව පෙනී යයි. ‍එහෙම කියන්නේ වසර හැත්තෑවක නිදහස ගතකරන අපි ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ, පළාත් සභා මැතිවරණ, පළාත් පාලන මැතිවරණ වැනි ඒවාට මුහුණ දී තිබෙනවා. ඒ හැම මැතිවරණයකදීම පක්ෂයක් පෙරටු කොටගෙන ඒ පක්ෂය ජයග්‍රහණය කිරීමට ජනතාව පෙළගැසී සිටියේ ඒ විවිධ හේතු මතයි එලෙස සිදුවූයේ. මේ විදියට බලනකොට රටේ සමස්ත ජනතාව විවිධ හේතු නිසා විවිධ දේශපාලන පක්ෂ තෝරාගෙන මැතිවරණවලදි තමන්ගේ පිරිසිදු ඡන්දය තමන්ට පවතින බලවත් අයිතිය සමහර විට නිවැරදි තැනකට නොවෙයි පාවිච්චි කළේ. ඒක අතීතයේ දී හැමෝම සිදුකළ දෙයක්. නමුත් මෙවර පක්ෂ, පාට, භේද නොසලකා රටේ යහපත උදෙසා රටට නායකයෙක් තෝරාගැනීමට නිවැරදි තීන්දුවකට ජනතාව කටයුතු කළා යැයි හිටපු උතුරු මැද පළාත් ආණ්ඩුකාර ශ්‍රි ලංකා නිදහස් පක්ෂ උප සභාපති සරත් ඒකනායක මහතා මහනුවර දී මාධ්‍ය අමතා ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා විවිධ නායකයන් රටේ බිහිවුනා. ඒ නායකයන් බිහිකරපු ජනතාව පසුව පසුතැවිලි වන තත්වයට පත්වන අවස්ථා අප හො දට දැකලා තියෙනවා. ඊට ප්‍රධාන හේතුවක් විදියට දකින්නේ තමන්ගේ ලාභ ප්‍රයෝජන සදහා හා වෙනත් අරමුණු වෙනුවෙන් ජනයා ලබාදුන් ජනයාගේ ඡන්ද වරම භාවිතා කිරීමයි. මෙවර මැතිවරණයේදි සුවිශේෂත්වය වන්නේ රටේ සමස්ත ජනතාවම එකට පෙළගැසීමයි. විවිධ අයට කියන්න පුලුවන් ලකුණ නිසා දිනුවා, නැත්නම් පක්ෂය නිසා දිනුවා ආදි ලෙස. නමුත් සමස්ත ජනතාව සිහියෙන් හිටියා මේ රටේ හොද දර්ශනයක් ඇති, හොද දැක්මක් ඇති ඒ වගේම විශ්වාස කළ හැකි නායකයෙන් පත්කරගත යුතුයි කියලා. පීඩනයට ලක්වෙලා පීඩිත වූ ජනතාවන්ට සහයක් ලබාගැනීමේ පරමාර්ථයෙන් තමයි මෙවර ‍ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දය ලබාදුන්නේ.හැම කෙනාම ලොකු විශ්වාසයක් ඇතිවයි ඒ ඡන්දය පාවිච්චි කළේ. රටේ හැම කෙනා තුළම තිබූ ඒ විශ්වාසය අද වනවිට මල්ඵල දරණවා. නව ජනාධිපතිවරයා දේශපාලනයට පමණක් සීමා වෙච්ච යුගය අවසන් කරලා එතනින් එහාට ගොස් රටට වැඩදායි ජනතාව සදහා පොදුවේ නව වැඩපිළිවෙලක් සකස් කරලයි තිබෙන්නේ. එය ජාතික ප්‍රතිපත්තිය බවට පත්කිරීම තුළම ජනතාව විදියට ජනගහන අත්කරගෙන ඇති බව හැගේ. එමගින් පහුගිය දිනවල දැකපු බොහෝ දේවල් වෙනස් වෙමින් පවතින බව අපට දැනෙනවා. තරුණයින් තුළ නව අපේක්ෂා ඇතිවෙලා. රටේ යහපත වෙනුවෙන් පෙළගැසෙන්න, ආගමික ප්‍රබෝධය වෙනදා නොලැබුණ ලෙස පවතිනවා. සංවර්ධන කටයුතුවල පැවති අපිළිවෙල අද නියම පරිදි සිදුකරන්න මග පෑදිලා. ඒ ගමෙන් පටන් ගැනීම තුළයි. එසේම සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන ලෙස කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ලෙස සංවර්ධන ප්‍රතිලාභ සමාජයට වගේම ජනතාවට ලබාදීමටත් ක්‍රම සකස් වෙලා. ඒ ජනාධිපතිවරයා තුළ දේශපාලනයට එහා ගිය දැක්මක් පවතින නිසයි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදි රටට හිතකර වූ නිවැරදි තීන්දු ගත හැකි පරිපාලනයක් වෙනුවෙන් අපි පෙළගැසෙනවා. එසේම වැඩි බලයක් සහිත පාර්ලිමේන්තුවක් වෙනුවෙන් කටයුතු කිරීමට දැනටමත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ලෙස සැලසුම් සකස් කර අවසන්. ඒ ජනාධිපතිතුමාගේ නිවැරදි දැක්ම ජයගැන්ම සදහාමයි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විදියට අප සතුටු වෙනවා මේ සුභදායි ගමනේ රටට වැඩදායි ගමනේ ප්‍රමුඛ කණ්ඩායමක් වීම පිළිබදව. අනාගතයේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් වීමට අපි නිරන්තරයෙන් එක්ව කටයුතු කරනවා. ඒ තුළින් රටට යහපත් අනාගතයක් උදාවන බව දැනෙන හා විශ්වාසය පවතින නිසා යැයි වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ජානක එස්. බණ්ඩාර කුණ්ඩසාලේ
 

More News..