brand logo

හිටපු ගුවන් හමුදාපතිට උසස්වීමක් - නව ගුවන් හමුදාපතිට තනතුර භාරදී විශ්‍රාම යති

29 May 2019

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 16වන ගුවන් හමුදාපතිවරයා ලෙසින් අද (29) විශ්‍රාම ලබන කපිල ජයම්පති මහතා එයාර් චිෆ් මාර්ෂල් තනතුරට උසස් කිරීමට ජනාදිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත. තරු හතරේ නිලධාරියෙකු ලෙස විශ්‍රාම ගන්නා එයාර් චිෆ් මාර්ෂල් කපිල ජයම්පති මහතා වෙනුවෙන් ගුවන් හමුදා මුලස්ථානයේදී ආචාර පෙළපාලියක් මෙන්ම සුහද සමු ගැනීමේ උත්සවයක්ද පැවැත්විණි. ගුවන් හමුදා මුලස්ථානයේදී නිලධාරීන් හා භටපිරිස් ඇමතු එයාර් චිෆ් මාර්ෂල් කපිල ජයම්පති මහතා ඉන් අනතුරුව නව ගුවන් හමුදාපතිවරයා හට සංඛේතාත්මකව ගුවන් හමුදාපති ධුරය භාර දීම ලෙසින් ගුවන් හමුදාපති යෂ්ටිය පිරිනමා නික්ම ගියේය. ඉලං යුධ සමයේ ගුවනින් ඒඩී පෑ දක්ෂ ගුවන් නිලධාරියෙකු වන කපිල ජයම්පති මහතා තම ධුර කාලය තුල ගුවන් හමුදාවේ දියුණුවට විශාල කාර්ය භාර්යයක් ඉටු කළේය. විදෙස් රට වලට ගලා ගිය ඩොලර් මිලියන ගණනක මුදල් මෙරට තුලම රඳවා ගැනීම සඳහා මෙරට තුල ගුවන් යානා නඩත්තු කටයුතු ඇරඹීම, ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් යානය නිර්මාණය කිරිමයට අවශ්‍ය කටයුතු යෙදීම.පාසල් දරු දැරියන් හා ගුරුවරුන් වෙනුවෙන් නායකත්ව වැඩමුළු පැවැත්වීම ඇතුළු කාර්යයන් එයාර් චිෆ් මාර්ෂල් කපිල ජයම්පති මහතා කල කර්යයන්ය. තිස්ස රවින්ද්‍ර පෙරේරා  
 

More News..