නව කොවිඩ් ප්‍රභේදයේ සැකය නිසා මාදිවෙල සංචරණය සීමා කෙරේ
22 June 2021
නව කොවිඩ් ප්‍රභේදයේ සැකය නිසා මාදිවෙල සංචරණය සීමා කෙරේ
22 June 2021
"ඩෙල්ටා ප්‍රභේදය" ආසාදිතයෙක් යැයි සැක සහිත වීම නිසා මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයේ සංචරණ කටයුතු සීමාකිරීම සඳහා පියවර ගෙන තිබේ.
ඒ අනුව එම ප්‍රදේශයට කිසිදු පුද්ගලයෙකුට පිටවීම හෝ ඇතුළුවීම තහනම් කර තිබෙන බව වාර්තා වෙයි.
පසුගියදා ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය බවට සැකකෙරෙන කොරෝනා ආසදිතයා හඳුනා ගැනීමත් සමග එම පියවර ගෙන තිබෙන අතර ඔහුගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගෙන ඇති කාන්තාවක් ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව පැවසෙයි.
එම කාන්තාව මේවන විට ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත ඇතුළත් කර ඇත.
කෙසේ නමුත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ එම ආසාදිත පුද්ගලයාට වැළඳි ඇත්තේ කුමන ප්‍රභේදය ද යන්න පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බවයි.