brand logo

නව කොවිඩ් ප්‍රතිකාර ක්‍රම ගැන සොයන්න විශේෂඥ කමිටුවක්

19 May 2021

කොවිඩ් - 19 වෛරසය මැඩලීම සඳහා ජාත්‍යන්තර වශයෙන් නිෂ්පාදනය කරන ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාදීමට හා ඇණවුම් කිරීමට විශේෂඥ කමිටුවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පත්කර තිබේ. එම කමිටුවෙන් ලබාදෙන නිර්දේශ අනුව කොවිඩ් රෝගය මර්දනය කිරීමට නිපදවනු ලබන ඖෂධ, නව ප්‍රතිකාර ක්‍රමවේද සහ එන්නත් ඉතාම කඩිනමින් ඇණවුම් කිරීම බලාපොරොත්තු වන බව අමාත්‍යවරිය සඳහන් කරයි. එම විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම, විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ තවත් විශේෂඥ වෛද්‍යවරු කිහිපදෙනෙක් ඇතුළත් වේ. මහා බ්‍රිතාන්‍යයේ සායනික මට්ටමේ පවතින කැනඩාවේ නිපදවන ලද ඉන්හේලරයක්,ඉන්දියාව කොවිඩ් වෛරසය ප්‍රතිජනනය වීම වැළැක්වීම සඳහා නිපදනවන ලද ඖෂධය, මෙන්ම ඔස්ට්‍රේලියාවේ මේ සඳහා නිපදවා ඇති ඖෂධය වැනි කාරණා පිළිබඳව සොයා බලා වෛද්‍ය විද්‍යාත්මක නිර්දේශ මෙම කමිටුවෙන් ඉතා ඉක්මනින් ලබාගැනීම බලාපොරොත්තු වන බව අමාත්‍යවරිය සඳහන් කරයි.  
 

More News..