brand logo

නව කැළණි පාලමේ නව මාර්ග සැලැස්ම මෙන්න

01 December 2021

නව කැලණි පාලමෙන් යන්න පුලුවන් වාහන ගැන දැනුම්දෙයි

පසුගිය දා විවෘත කෙරුණු නව කැළණි පාලම ආශ්‍රිත මාර්ග සඳහා නව විධිමත් රථවාහන මාර්ග සැලැස්මක් හඳුන්වා දී තිබේ. රියදුරන්ට මාර්ග හඳුනා ගැනීමට නොහැකි වීමෙන් ඇතිවන අපහසුතාවය සහ ඒ සමග ඇතිවන වාහන තදබදය අවම කර ගැනීම සඳහා මෙම මාර්ග සැලැස්ම හඳුන්වා දෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස් වීරකෝන් මහතා ඊයේ(31) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී පැවසීය. *නව කැලණි පාලම හරහා ගමන් කිරීමට අවසර හිමි වන්නේ අධිවේගී මාර්ගවල ගමන් කිරීමට අවසර ඇති වාහන සඳහා පමණයි. *මෙහි වරාය පිවිසුම් මාර්ගයේ ඉඳිකිරීම් කටයුතු තවදුරටත් සිදු කිරීම හේතුවෙන් දැනට එම මාර්ගය හරහා ගමන් කිරීමට අවසර ලබා දී ඇත්තේ කොළඹ වරායට ඇතුලු වීමට බලපත්‍ර හිමි වාහන සඳහා පමණයි. *කොළඹ දෙසට පැමිණෙන සෙසු වාහන වරාය පිවිසුම් මාර්ගයට ඇතුලු නොවී සිරිමාවෝ බණ්ඩාරනායක මාවතෙන් ගොස් වමට හෝ දකුණට හැරවිය යුතුය. *වරායේ සිට පැමිණෙන කන්ටේනර් රථවලට නව කැලණි පාලම හරහා ගමන් කිරීමට අවසර හිමි නොවේ. *කන්ටේනර් රථ ඇතුලු නව කැළණි පාලමේ ගමන් කිරීමට අවසර නොමැති සෙසු සියලු වාහනවලට පාලමට පහලින් පිහිටි බේස්ලයින් මාර්ගය ඔස්සේ පැමිණ, පාලමට පිටතින් පිහිටි මංතීරුව ඔස්සේ ගමන් කල හැකියි.
 

More News..