brand logo

සජිත්ට නිවාස හා සංස්කෘතික, මංගලට මුදල්, රවිට විදුලිබල - ආරංචිමාර්ග

20 December 2018

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මේවන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ඇති අතර අද පෙරවරුවේ කැබිනට් ආමාත්‍යවරු 28දෙනෙකු පමණ දිවුරුම් දිමට නියමිත අතර කැබිනට් රැස්විම ද අද දිනයේ පැවැත්විමට සැලසුම් කර ඇත. ඒ අනුව දැනට වාර්තා වන මෙම මන්ත්‍රීවරුන්ට පහත සඳහන් ආකාරයෙන් අමාත්‍යධුර ලැබීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ. සජිත් ප්‍රේමදාස - නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය හා සංස්කෘතික කටයුතු මංගල සමරවීර - මුදල් අමාත්‍යංශය හා ජනමාධ්‍ය රවී කරුණානායක - විදුලිබල හා බලශක්ති අර්ජුන රණතුංග - ප්‍රවාහන සාගල රත්නායක - වරාය අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන හරීන් ප්‍රනාන්දු - විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම්, ක්‍රීඩා හා විදේශ රැකියා පාඨලී චම්පික රණවක - මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධනය ගයන්ත කරුණාතිලක - පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් වජිර අබේවර්ධන - අභ්‍යන්තර කටයුතු රාජිත සේනාරත්න - සෞඛ්‍ය කබීර් හෂීම් - මහාමාර්ග සහ ඛනිජ තෙල් පී. හැරිසන් - සමාජ බලගැන්වීම ගාමිණී ජයවික්‍රම - බුද්ධශාසන හා වයඹ සංවර්ධන  
 

More News..