brand logo

නව ඇමැතිවරුන්ට ජනපතිගෙන් අවවාදයක්

28 November 2019

ඇමැති තනතුරු වරප්‍රසාද ලෙස නොසලකන ලෙසත් ඒවා ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු අත්නොහළ හැකි වගකීම් ලෙස සලකන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (27 වැනිදා) දිවුරුම් දුන් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා රාජ්‍ය ඇමැති තනතුරු අඩු කිරීමට මම කැමැති වුවත් ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ක්‍රියාත්මක කළ යුතු වගකීම් රැසක් පවතින හෙයින් නියමිත සංඛ්‍යාව ම පත් කිරීමට සිදුවුණා. ජනතාව මා වෙත විශාල ජනවරමක් ලබාදුන්නේ බලාපොරොත්තු රැසක් ඇතිවයි. එම අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා කැප විය යුතු යැයි ව්‍යවස්ථාවේ පවතින සීමා නිසා සෑම දෙනාටම තනතුරු ලබාදෙන්න බැහැ. ඇතැම් රාජ්‍ය ආයතනවල පවතින්නේ කනගාටුදායක තත්ත්වයක්. රාජ්‍ය අංශය සක්‍රීය කර පුළුල් මහජන සේවාවක් ලබාදිය යුතුයි යැයි පැවැසීය. නිලන්ත මදුරාවල  
 

More News..