brand logo

නව අගවිනිසුරු, වැඩබලන නීතිපති, නව විගණකාධිපති සහ වැඩබලන පොලිස්පති පත් කෙරේ

29 April 2019

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද නව අගවිනිසුරු, වැඩබලන නීතිපති, නව විගණකාධිපති සහ වැඩබලන පොලිස්පති කර තිබේ. නීතිපති ජයන්ත ජයසූරීය මහතා නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත් කර ඇත. ඒ අනුව නව අගවිනිසුරුවරයා ලෙස ජයන්ත ජයසූරිය මහතා අද(29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. එමෙන්ම සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන නිතිපතිවරයා ලෙස පත් කර තිබේ. මේ අතර අතිරේක විගණකාධිපති චූලන්ත වික‍්‍රමරත්න මහතා නව විගණකාධිපතිවරයා ලෙස පත්කර ඇත. එකී පත්වීම්වලට අමතරව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න මහතා ද, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පත් කර තිබේ. අදාළ සියලූ පත්වීම්ලාභීන් අද (29) ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් ඊට අදාල පත්වීම් ලිපි ලබාගෙන තිබේ.
 

More News..