brand logo

නවීන තාක්ෂණය යොදා නිදන් සොයා කැණීම් කළ හතක් එස්.ටී.එෆ් අත්අඩංගුවට

31 December 2019

ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ අඹගස්දෝව පොලිස් බල ප්‍රදේශයේ ඉහල බුස්දුල්ල ප්‍රදේශයේ නිවසක් අසල ඉතාමත් සුක්ෂම ආකාරයට නවින තාක්ෂණය යොදා ගෙන නිදන් සොයා කැණිම් සිදු කල කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ නුවරඑළිය කදවුරේ නිළධාරින්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ. නිවසක් අසල සුක්ෂම ආකාරයෙන් පැලක් සාදා ඒ තුල එතැන් සිට අඩි 35 ක උමගක් කැණිම් මාස 6 ක් තිස්සේ කරගෙන ගොස් ඇතැයි මූලික පරික්ෂණ වලදී හෙළිව තිබේ. මෙම ආසනන්යේ පිහිටි ජනප්‍රවාදයේ සදහන් රාවණා රජු සිතා දේවිය සගවා තිබු ස්ත්‍රි පුර උමං මාර්ගය තිබේ. එම ස්ථානයේ පවතින පුරා වස්තු ලබා ගැනිමේ අරමුණ ඇතිව සැකකරුවන් මෙම කැණිම් සුදු කරන්නට ඇතැයි සැක කරති. මෙහිදී එම ස්ථානයේ සිටි නිවෙස් හිමියා ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 28 ත් 43 ත් අතර පසුවන්නන් වෙති. මොවුන් ගම්පොල , මහනුවර , දොලොස්භාගේ , කැප්පෙටිපොල , බියගම , පන්නල , පැලවත්ත යන ප්‍රදේශවල පදිංචි කරුවෝ වෙති. මෙහිදී විවිධ පුජා උපකරණ හා ද්‍රව්‍ය , වෑන් රථ දෙකක් , පරිඝණක යන්ත්‍ර දෙකක් , නවින කැණිම් උපකරණ , ඉනිමං, බට , ස්වසන උපකරණ ඇතුළු ද්‍රව්‍යයන් රැසක් ද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් වැඩි දුර පරික්ෂන සදහා විශේෂ කාර්ය බලකාය මගින් අඹගස්දෝව පොලිස් ස්ථානයට භාර දෙන ලැබිය. විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරි නියෝජ්‍ය පොලිස් පති එම්.ආර්.ලතීෆ් මහතාගේ උපදෙස් පරිදි මහනුවර කලාප අණ දෙන නිළධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් කරුණාරත්න මහතාගේ මෙහෙයවීවීමෙන් නුවරඑළිය විශේෂ කාර්ය බලකා කදවුරේ අණදෙන නිළධාරි සහකාර පොලිස් අධිකාරි ආනන්ද පේමසිරි මහතාගේ මග පෙන්වීමෙන් එම කදවුරේ පොලිස් පරික්ෂක සුසන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය විශේෂ කාර්ය බලකා කදවුරේ වැඩ බලන නිළධාරි පොලිස් පරික්ෂ පි.එම්. කොඩිතුවක්කු , උ:පො:ප: විරසිංහ , පො:සැ: ලංකා දීර , පො:කො: වරුන් වන කීර්තිසිංහ , ගුණරත්න , ජයසිංහ , බණ්ඩාර , සුපුන් , දයාරත්න , රත්නායක , තැන්නපිටවත්ත , පො:කො:රි: වරුන් වන කරුණාරත්න , මධුසංක යන නිළධාරින් විසින් මෙම වැටලීම සිදු කර තිබේ. වැලිමඩ - ප්‍රේමලාල්
 

More News..