brand logo

නවීන තාක්ෂණය යොදා ගනිමින් බඩඉරිඟු වගාව ප්‍රචලිත කිරීමට ක්‍රිස්බ්‍රෝ පියවර ගනී

09 November 2019

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම, කුකුළු ආහාර සඳහා ප්‍රධානතම භෝගය වන බඩඉරිඟු වගා කිරීම සඳහා යොමුව සිටී. දැනට මහියංගණය, මොනරාගල ගල්ගමුව යන ප්‍රදේශයන්හි බඩඉරිඟු වගාව අරඹා ඇති අතර ඌව සහ උතුරුමැද පළාතේ ගොවිමහතුන්ගෙන් මිලදී ගන්නා බඩඉරිඟු සඳහා රුපියල් බිලියනයකට වැඩි මුදලක් වාර්ෂිකව ආයෝජනය කරනු ලබයි. වඩාත් සංවිධිත ලෙස බඩඉරිඟු වගාවට යොමු වී ඇති ක්‍රිස්බ්‍රෝ සමාගම නව වගා තාක්ෂණයන්, පැළ සිටුවීමේ සිට පාංශු ජල කළමනාකරණය, පොහොර යෙදීම, අස්වනු නෙළීම සහ පසු අස්වනු සංරක්ෂණය සඳහා යුරෝපීය මහා පරිමාණයේ බඩඉරිඟු නිෂ්පාදකයින් විසින් භාවිත කරනු ලබන තාක්ෂණය සහ උපාංගයන් භාවිතයට ගෙන ඇත. නිදසුනක් ලෙස වගාවට ජලය යෙදීම සඳහා භෝග වාරි ක්‍රියාවලිය සඳහා ක්‍රිස්බ්‍රෝ නවතම ජල විදිනයන් (rain guns) භාවිත කරනු ලබයි. මෙම අධි පීඩන ජල විදිනයන් මගින් ඉහළ නමුත් පාලනය කළ හැකි ජල ප්‍රමාණයක් මුදා හරින අතර වර්ෂාව හා සමාන ජල පෝෂණයක් ඉන් ලැබේ. මෙමගින් ඉතා සරු අස්වැන්නක් ලබා ගත හැකි අතර වර්ෂාපතනය අඩුවීමෙන් ඇතිකරන බලපෑමද මින් වැළකෙයි.
 

More News..