brand logo

නවසීලන්ත සංචාරයේ එක්දින හා විස්සයි 20 තරඟාවලියේ නායකත්වය ලසිත් මාලිංගට

14 December 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ එක්දින තරගාවලියේ හා විස්සයි20 තරගාවලියේ කණ්ඩායම් නායකයා ලෙස ලසිත් මාලිංගත්, උපනායක ලෙස නිරෝෂන් දික්වැල්ලත් පත්කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායකයා ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට ඇතුළත් කර ඇතත් නව තේරීම් කමිටුව විසින් ඔහු නායකත්වයෙන් ඉවත් කර තිබේන අතර සීක්කුගේ ප්‍රසන්න නැවතත් කණ්ඩායමට කැඳවා තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයා අමාත්‍යධූරයේ ක්‍රියා කිරීම අතුරු තහනමට ලක්ව ඇති බැවින් මෙම කණ්ඩායම සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ය.
 

More News..