brand logo

නවසීලන්ත පිල T20 දෙවන තරගයත් ජයගනී

04 September 2019

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලි ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය. මෙම තරගාවලියේ දෙවන තරගය ඊයේ පල්ලේකැලේ පිටියේදී පැවැති අතර එම තරගය කඩුළු 4කින් ජය ගැනීමට නවසීලන්ත පිල සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුළු 9ක් දැවී ලකුණු 161ක් රැස්කර ගත්තේය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 39ක් ලබාගත් අතර, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 37ක් ලබාගත්තේය. අනතුරුව පන්දුවට පහරදීම සදහා පිටියට පැමිණි නවසීලන්ත පිල පන්දුවාර 19යි පන්දු 4කදී කඩුළු 6ක් දැවී ලකුණු 165ක් ලබාගෙන තරගයේ ජය වාර්තා කළේය. නවසීලන්ත පිල වෙනුවෙන් කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් ලකුණු 59ක් සහ ටොම් බෲස් ලකුණු 53ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී අකිල ධනංජය කඩුළු 3ක් දවාගත්තේය. ඒ අනුව මෙම තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත පිල සමත් විය.
 

More News..