brand logo

ශ්‍රී ලංකාව පරදවා නවසීලන්තය ජය ගනී

02 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයේදී අන්ත පරාජයකට ලක්වීමට සිදුවිය. ඒ නවසීලන්තය හමුවේ කඩුළු 10කට එම තරගය පරාජයට පත්වීමත් සමගය. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායකයා විසින් පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පන්දුවට පහරදීම සදහා පිටියට පැමිණි ශ්‍රී ලංකා පිල පන්දුවාර 29යි පන්දු දෙකකදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 136ක් පමණීයි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළේ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න විසින්ය. දිමුත් කරුණාරත්න පන්දු 84කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 52ක් රැස්කර ගැනීමට සමත් විය. අනතුරුව පිටියට පැමිණි නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය විසින් ලකුණු 137ක් රැස්කර ගනිමින් තරගය ජය ගනු ලැබීය. ඔවුන්ට ඒ සදහා වැය වූයේ පන්දුවාර 16යි එක් පන්දුවක් පමණීයි.
 

More News..