brand logo

නවසීලන්තය සමග පුහුණු තරගයේ පළමු ඉනිමේ පළමු දිනය සදහා ශ්‍රී ලංකා පිල කඩුළු 6ට ලකණු 323යි

08 August 2019

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තෙදින පුහුණු ටෙස්ට් ක්‍රිකට් තරගය පළමු දිනය සදහා තරගය මේ වන විට නතර කර තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් පළමු ඉනිම සදහා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 323ක් රැස්කර ගෙන සිටියේය. දිනය නිමා වන විට පන්දුවට පහරදෙමින් සිටි නායක අෂාන් ප්‍රියංජන් නොදැවී ලකුණු 54ක් සහ මිනෝද් භානුක නොදැවී ලකුණු 14ක් රැස්කර ගෙන සිටියේය. ශ්‍රී ලංකා සභාපතිගේ පිල වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක ලකුණු 98ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 80ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී අජාස් පටේල් කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය. හෙට තරගයේ දෙවන දිනයයි.
 

More News..