brand logo

නවසීලන්තය ලකුණු 178කට දැවීයයි

26 December 2018

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සදහා පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමේ සියලුදෙනා ලකුණු 178කට දැවී ගියා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායමට ලබාදුන්නා. ඒ අනුව පිටියට පැමිණි නවසීලන්ත කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 178ක් පමණයි. නවසීලන්තය වෙනුවෙන් ටිම් සවුති ලකුණු 68ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙම් සුරංග ලක්මාල් කඩුළු 5ක් දවා ගැනීමට සමත් වුණා. ලහිරු කුමාර කඩුළු 3ක් දවාගත්තා. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටිනවා. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 3ක් දැවී මේ වන විට ලබාගෙන සිටින ලකුණු සංඛ්‍යාව 29ක්.
 

More News..