brand logo

නවසීලන්තය පරාජයට පත් කළ ඕස්ට්‍රේලියානු කණ්ඩාමට ලකුණු 86ක ජයක්

30 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 86කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (29) සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 9ක් දැවී ලකුණු 243ක් රැස්කර ගත්තේය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් හුස්මන් කවාජා ලකුණු 88ක් ලබාගැනීමට සමත් විය. පන්දු යැවීමේදී නවසීලන්ත පිල වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් කඩුළු 4ක් දවාගත්තේය. අනතුරුව පිටියට පැමිණි නවසීලන්ත පිල පන්දුවාර 43යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 157ක් පමණීයි. පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් මිචෙල් ස්ටාර්ක් කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය. ඒ අනුව ඕස්ට්‍රේලියානු පිලට ලකුණු 86ක ජයක් හිමිවිය. ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනට අනුව මේ වන විට ප්‍රථම ස්ථානයේ රැදී සිටින්නේ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. ඒ ප්‍රසාද ලකුණු 14ක් ලබාගනිමිනි. දෙවන ස්ථානයේ ඉන්දියාව ද, තෙවන ස්ථානයේ නවසීලන්තයට හිමිව තිබේ. සිව්වැනි ස්ථානයේ පාකිස්ථානයේ රැදී සිටී. ශ්‍රී ලංකාව 7 වන ස්ථානයේ පසුවේ.
 

More News..