brand logo

නවසීලන්තය පරදවා ඉන්දීය කණ්ඩායම පළමු තරඟය ජයගනී

23 January 2019

නවසීලන්ත කණ්ඩායම සමග පැවැති පළමු තරඟය කඩුළු 8කින් පහසුවෙන් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා. මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 38කදී සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 157ක් පමණයි. නවසීලන්ත පිල වෙනුවෙන් කේන් විලියම්සන් ලකුණු 64ක් ලබාගත්තා. රොස් ටේලර්ට ලබාගත හැකි වූයේ ලකුණු 24ක් පමණයි. පන්දු යැවීමේදී ඉන්දිය පිල වෙනුවෙන් කුල්ඩීප් යාදේව් කඩුළු 4ක් දවා ගැනීමට සමත් වූ අතර, මොහොමඩ් ෂාමි කඩුළු 3ක් දවා ගත්තා. අනතුරුව පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 34යි පන්දු 5කදී කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 156ක් ලබාගෙන තරඟයේ ජය වාර්තා කළා. ඉන්දීය පිල වෙනුවෙන් ශිකර් ධවාන් නොදැවී ලකුණු 75ක් ලබාගත්තා. නායක විරාට් කෝලි ලකුණු 45යි. ඒ අනුව තරඟ 1ට 0ක් ලෙස ජයගෙන ඉන්දීය කණ්ඩායම මෙම තරඟාවලියේ ඉදිරියෙන් සිටිනවා.
 

More News..