brand logo

නවසීලන්තය පරදවමින් පාකිස්ථානය ජයගනී

27 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නසීලන්ත කණ්ඩායම සමග පැවැති තරගය කඩුළු 6කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 237ක් රැස්කර ගත්තේය. නවසීලන්තය වෙනුවෙන් ජේම්ස් නීෂම් නොදැවී ලකුණු 97ක් ලබාගැනීමට සමත් විය. අනතුරුව පිටියට පැමිණි පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 1කදී කඩුළු 4ක් දැවී ලකුණු 241ක් රැස්කරගෙන තරගයේ ජය වාර්තා කළේය. ඒ අනුව පාකිස්ථාන කණ්ඩායමට කඩුළු 6ක ජයක් හිමිවිය.
 

More News..