brand logo

නවසීලන්තය දෙවන එක්දින තරඟයත් ජයග්‍රහණය කරද්දී තිසරගෙන් ලකුණු 140ක්

05 January 2019

සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 තුළදී කඩුලු 7ට ලකුණු 319ක් රැස්කළේය. එහිදී රොස් ටේලර් ලකුණු 90 ක්ද, කොලින් මොන්රෝ ලකුණු 87 ක් ද රැස් කළ අතර, පළමු එක්දින තරගයේදීද දස්කම් දැක්වූ ජේම්ස් නීෂාම් නැවතත් පන්දු 37 කදී ලකුණු 64 ක් රැස් කළා. ලකුණු 320ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 02කදී සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකි වුයේ ලකුණු 298ක් පමණයි. ශ්‍රී ලංකාව ජයග්‍රණය කරා රැගෙන යාමට සටනක් දුන් තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා සිය පළමු එක්දින ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර පන්දු 74 කින් හතරේ පහර 08ක් සහ දැවැන්ත හයේ පහර 13ක් සමඟින් ලකුණු 140ක් රැස් කළේය. පළමු එක්දින තරගය පැවැති මවුන්ට් මනුගායි පිටියේදීම මෙම තරගය පැවැත්විණි.
 

More News..